මෙවර LPL තරගාවලියේ තීරණාත්මක තරගයකින් ජයගත් කැන්ඩි කණ්ඩායම දෙවන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය.
ඒ අනුව කැන්ඩි කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වෙනු ඇති.
ඉන් ජයගන්නා කණ්ඩායම LPL අවසන් තරගයේදී දඹුල්ල කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.
ජැෆ්නා කණ්ඩායමට එරෙහිව පැවති අද තරගය කැන්ඩි කණ්ඩායම ලකුණු 61කින් ජයගැනීමට සමත්විය.
ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2කදී සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 127ක් පමණි.
එහිදී අගනා පන්දුයැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 6ක් බිඳ හෙළමින් තරගයේ ජය කැන්ඩි කණ්ඩායම වෙත ගෙන ආවේය.
ඒ අනුව මෙවර LPL තරගාවලියෙන් ඉවත්වීමට ජැෆ්නා කණ්ඩායමට සිදුවිය.